කැලණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රියේ ගැටීමෙන් ස්ත්‍රීයක ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද(20)ප.ව 6.30 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා කොස්ගම දක්වා ධාවනය වන දුම්රියට පන්නිපිටිය හා කොට්ටාව අතර ප්‍රදේශයකදී මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මැදිවියේ කාන්තාවක වන ඇය දුම්රියට පැන සියදිවි නසාගත්තේද නැතහොත් වැරදීමකින් දුම්රියට බිලිවූයේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
මළ සිරුර මේවන විට කොට්ටාව දුම්රිය ස්ථානයේ තාවකාලිකව තැන්පත් කර ඇති අතර කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment