අනාරක්ෂිත ළිඳ කුඩා දරුවාට මරුවා කැඳවයි

රිදීගම, කොට්ටන්ගේ ප‍්‍රදේශයේ කුඩා දරුවෙකු අනාරක්‍ෂිත ළිඳකට වැටී මියගොස් තිබේ.

සිය නිවසට යාබද ඉඩමේ පිහිටි ලිඳකට වැටී මෙලෙස මියගොස් ඇත්තේ පස් හැවිරිදි දරුවෙකු බව අප වාර්තාකරු පැවසුවේය.


දරුවාගේ මව එම ළිඳ පරික්‍ෂා කරන අවස්ථාවේ සිය දරුවා ළිඳ තුලට වැටී සිටිනු දැක ඇති බව සඳහන් වෙයි.


ඔහු ඒ වන විටත් මියගොස් සිටි බව දරුවාගේ මව ප‍්‍රකාශ කර ඇති බව වාර්තාවෙයි -



Post a Comment