පඹයින් බලයට පත් කිරීමට ඇතැමුන් උත්සහ කරනවා

ජාතික හැඟිම් වලින් යුක්තව ගොඩනැගෙමින් තිබෙන රටවල් බිඳ දැමීමට ලොව බලවත් ජාතීන්ට අද අවශ්‍ය වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ රටේ ජාතික හැඟීම් බිඳ දමා වහල් සමාජයක් ගොඩනගන පඹයන් බලයට පත් කරගැනීම බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.


මහින්ද චින්තනයෙන් ගොවිකම පෙරටම යන මැයෙන් අරලියගහ මන්දිරයේ සංවිධානය කර තිබු කෘෂි නිලධාරීන්ගේ හමුවකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය.


දිවයිනේ සෑම දිස්ත්‍රික්යක්ම නියෝජනය කරමින් කෘෂි නිලධාරීන් 5000කට අධික පිරිසක් මෙම හමුවට එක්ව සිටියේය.


කෘෂි ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ කෘෂි විද්‍යාඥයින් තිදෙනෙකුට ජනාධිපතිවරයා අතින් සම්මාන පිරිනැමුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


රටේ කෘෂිකර්මාන්තය නංවාලීමට ගෙන යන වැඩපිළිවෙළට ප්‍රණාමය පුදකරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ද කෘෂි නිලධරීන් විසින් උපහාර තිළිණයක් පිරිනමා තිබේ.



Post a Comment