පෞද්ගලික බස් රථයකින් හොර නෝට්ටු පාර්සලයක් හමුවෙයි

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකින් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් අද(19) ගාල්ල පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ව්‍යාජ දහසේ මුදල් නෝට්ටු 104 ක් මෙලෙස හමුවී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.


ඒ අනුව කොළඹ සිට කතරගම බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක තිබී ව්‍යාජ මුදල් නෝට්ටු පාර්සලයක් මෙලෙස හමු වී ඇති බව වාර්තාවෙයි.


හිමිකරුවෙකු නොමැති සැකසහිත පාර්සලය එහි කොන්දොස්තර මහතා විසින් ගාල්ල පොලීසියට බාරදී ඇති අතර එහිදි අදාළ පාර්සලය පරීක්ෂා කිරීමේදී මෙලෙස ව්‍යාජ මුදල් නෝට්ටු තොගය හමුවී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



Post a Comment