ඉන්දීයාවේදී ලාංකික දැරියක් අපයෝජනයට ලක්වෙයි

ඉන්දියාවේ අම්බර් ප්‍රදේශයෙහි චින්නපල්ලිකුප්පම් සරණාගත කඳවුරේ දී ශ්‍රී ලාංකික දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පාසල් ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

18 හැවිරිදි අදාළ පාසල් සිසුවා එම සරණාගත කඳවුරේම පදිංචි අයෙකු වන බව වාර්තාවෙයි.


ඔහු පෞද්ගලික විද්‍යාලයක ඉගෙනුම ලබන අතර සවස්වරු වලදි කඳවුරේ ළමුන් වෙත අමතර පංති පවත්වන අයෙකු බවට හඳුනාගෙන තිබේ.


පසුගිය පළමු වැනිදා පස් හැවිරිදි දැරිය අතිරේක පංතියක් සඳහා එම සිසුවාගේ නිවසට ගිය අවස්ථාවේ දී අපයෝජනයට ලක්ව ඇති බවට ඇයගේ මව්පියන් විසින් පොලීසියට දැනුම් දී තිබේ.


ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.



Post a Comment