පොල් ගෙඩිය දරුවාට මරුවා කැඳවයි

පොතුහැර, තිරගම ප්‍රදේශයේ දී පොල් ගෙඩියක් හිසේ වැදීමෙන් පස් හැවිරිදි දරවෙකු මියගොස් තිබේ.

පෙර පාසලක ළමුන් පිරිසක් සෙල්ලම් කරමින් සිටියදි ඒ අසළ තිබු පොල් ගසකින් ඇද වැටුණු ගෙඩියක් අදාළ දරුවාගේ හිසේ වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය.


අනතුරෙන් බරපතළ තුවාල ලැබු දරුවා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.


කෙසේ වුව ද බරපතළ තත්ත්වයේ පසුවු එම දරුවා අද අලුයම මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.



Post a Comment