මෝදක ගුලි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවේ

පාසල් සිසුන් සඳහා අලෙවි කිරීමට මදනමෝදක ගුලි තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු හිඟුරක්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ තිබී අදාළ මදනමෝදක තොගය සොයාගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.


අත්අඩංගුවටගත් සැකකරු‍ගෙන් කරණ ලද ප්‍රශ්න කිරීම් හමුවේ පාසල් සිසුන් සඳහා අලෙවි කිරීමට අදාළ මදනමෝදක තොගය වෙළඳසැලේ තබාගෙන ඇති බවට හෙළි වී තිබේ.


කිලෝ 4යි ග්රැම් 500 ප්‍රමාණයකින් යුත් මදන මෝදක තොගයක් මෙලෙස පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.


අත්අඩංගුවටපත් සැකකරු අද(04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


හිඟුරක්ගොඩ පොලීසිය ‍සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



Post a Comment