පුදුකුඩිඉරිප්පුවෙන් හොර ‍නෝට්ටු මතුවෙයි

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ඉන්ධන හලකට ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදී ඉන්ධන ලබාගැනීමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා විසින් ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් ලබා දී ඇති බව පොලීසිය පැවසුවේය.


අදාළ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් ඉන්ධනහලේ සේවකයින් විසින් පුදුකුඩිඉරිප්පු පොලීසියට සිදුකළ දැනුම්දීමට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.


පසුව සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ඔහු සතුව තිබී තවත් ව්‍යාජ රුපියල් පන්සියයේ මුදල් නොට්ටුවක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව සඳහන් වෙයි.


සැකකරු 30 හැවිරිදි මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment