නායකත්ව පුහුණුවේ දෙවන අදියර ඇරඹෙයි

මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරාගත් සිසුන් ඉලක්ක කරගනිමින් පැවැත්වෙන නායකත්ව පුහුණුවේ දෙවන අදියර අද(04) ආරම්භවීමට නියමිතව තිබේ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසන්නේ සති තුනක කාලයක් මෙම පුහුණුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි.


මෙමගින් ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීමත් සහජ දක්ෂතා ඔප්නැංවීමත් අරමුණු කෙරෙන බව ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා කියා සිටියි.



Post a Comment