පොල්ගහවිල තරුණයෙක් එල්ලී මැරෙයි

වඳුරඹ, පොල්ගහවිල ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

වඳුරඹ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී අදාළ පුද්ගල මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන් වෙයි.


මියගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය සඳහන් කළේය.


සියදිවි හානීකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment