එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙකු කියා සිටියේ විශේෂ සාකච්ජාවක් සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 07.00 ට අරලියගහ මන්දිරයේ දී මෙම සාකච්ජාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඉදිරියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීම මෙම සාකච්ජාවේ අරමුණව වී ඇත.
මැතිවරණ කටයුතු සැලසුම් කිරීමද මෙහිදී සිදුවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර ආණ්ඩුවේ සියළු පක්ෂවල නායකයින් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ජාවක් ඊයේ පස්වරුවේ පවත්වා තිබේ.
අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ජාවේ දී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂ නායකයින් දැනුවත් කර ඇති බව වාර්තා වේ.
ඊට අමතරව ඉදිරි අයවැය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ජා වී තිබේ.

Post a Comment