එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුව හෙට දිනයේ රැස්වීමට නියමිතව තිබේ.
එම පක්ෂයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ හෙට පස්වරු 03.00 ට සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී මෙම කමිටුව රැස්වන බවයි.
ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු සැලසුම් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත් කරනු ලැබිණි.
නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම කමිටුව සඳහා පත් කර තිබේ.
ඉදිරියේ දී පැවැත්විමට සැලසුම් කර ඇති ජනාධිපතිවරණ කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සැලසුම් සකස් කිරීම මෙම කමිටුව විසින් සිදුකිරීමට නියමිතව තිබේ.

Post a Comment