ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු කළ මලයාසියානු අත්අඩංගුවේ සිටි ලාංකිකයා ලංකාවට බාරදෙයි

ඉන්දියාව තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු කිරිමට කුමන්ත්‍රණය කළ බවට එල්ල වු චෝදනා මත මලයාසියානු අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකිකයා අද පස්වරුවේ ත්‍රස්ථ විමර්ශන අංශයට බාර දී තිබේ.

ඉන්දියාව තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු කිරිමට කුමන්ත්‍රණය කළ බවට එල්ල වු චෝදනා මත මලයාසියා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී.


මොහොමඩ් හුසේන් මොහොමඩ් සුලයිමන් නැමති මෙම පුද්ගලයා පසුගිය මැයි මාසයේ දි මලයාසියාවේ ක්වාලාලම්පුර් හිදි අත්අඩංගුවට ගනු ලැබිණි.


ඒ ඉන්දියාවේ දි අත්අඩංගුවට ගනු ලැබු සේකර් හුසේන් නැමති ශ්‍රී ලාංකිකයාගෙන් ලද තොරතුරු මත බැව් කියැවෙයි.


මොහොමඩ් හුසේන් මොහොමඩ් සුලයිමන් නැමති අදාළ සැකකරු දකුණු ඉන්දියාවේ පිහිටි ඊශ්‍රායල සහ අමෙරිකා එක්සත්ජනපද තානාපති කාර්යාල වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ දරමින් සිටි බවට චෝදනා එල්ල වි තිබේ.


ඒ අනුව මොහු සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා ඉන්දියාව අදාළ සැකකරු තමන් වෙත භාරදෙන ලෙස මලයාසියාවෙන් ඉල්ලීමක් කර තිබුණි.


එහෙත් මලයාසියාව අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වුණි.



Post a Comment