ජනාධිපතිවරණය ජනවාරී මා‍සයේ තියනවා - දිනය කියන්න බෑ

ජනාධිපතිවරණය ජනවාරි මාසයේ දී පැවැත්වෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

2015 සඳහා වු අය වැය ලබන 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද හෙතෙම කියයි.


ජනාධිපතිවරණයේදී මෙරට සියලු දෙනාම ජාති ආගම් භේද සියල්ලම පසෙකලා ජනාධිපතිවරයා ජයග‍්‍රහණය කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද හෙතෙම පෙන්වාදෙයි.


ලබාගත් නිදහස ආරක්ෂා කිරීමටත් මෙම රට සංවර්ධනය සඳහා ගෙනයාමට මෙන්ම අභිමානවත් ජාතියක් ලෙස කිසිවකුටත් දණ නොගසන, රටට කිර්තිය ගෙන ඒමට, ජනාධිපතිවරයාගේ ජය අනිවාර්ය බවද ඔහු කියයි.


මහනුවර, කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන කටයුතු කිහිපයක් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ සහභාගිවෙමින් හෙතෙම මේ අදහස් පළ කළේය.



Post a Comment