කහඳගමට එරෙහි වාරණය ඉවතට!

සමස්ත ලංකා ස්වයංරැකියා නියුක්තිකයින්ගේ සංගමයේ, සභාපතිවරයාට සහ විධායක කමිටුවට එරෙහිව පනවා ඇති තිබූ වාරණ නියෝගය අධිකරණය විසින් අද (20) ඉවත් කර තිබේ.

කොළඹ දිසා අධිකරණය විසින් එම වාරණය ඉවත් කර ඇත.


සමස්ත ලංකා ස්වයංරැකියා නියුක්තිකයින්ගේ සංගමයේ සාමාජිකයින්ගෙන් මුදල් එක්රැස් කිරීම වළක්වාලමින් අදාළ වාරණ නියෝගය පනවා තිබුණි.


මීට එරෙහිව එම සංගමයේ, සභාපතිවරයා සහ විධායක කමිටුව විසින් පෙත්සමක් ගොණුකර තිබිණ.


කෙසේ වුවද මෙම නඩුව ලබන 23 වැනි දා සහ නොවැම්බර 18 වැනි දා යළි කැඳවීමට නියමිතය.



Post a Comment