බඹරු කෑ 19ක් හා ආහාර විෂ වූ 22ක් රෝහලේ

බගවන්තලාව, සෙන්විජයන්ස් ප්‍රදේශයේ දී පාසැල් ළමුන් 10 දෙනෙකු, කාන්තාවන් 06 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

සෙන්විජයන්ස් වතුයායේ කැම්පියන් වත්තට ගමන්ගන්නා මාර්ගයේ දී ඔවුන් බඹර ප්‍රහාරයට ලක්ව ඇත.


බඹර ප්‍රහාරයට ලක්වු පිරිස ප්‍රතිකාර සඳහා බගවන්තලාව රජයේ රෝහල වෙත ඇතුළත් කර තිබේ.


කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පැවසුවේය.


මේ අතර දොඩංගොඩ, ගංඉම ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවකයින් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.


එම කම්හලේ සේවකයින්ට අද පෙරවරුවේ ලබා දුන් ආහාර විෂවීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර ඇත.


ආහාර විෂවීම හේතුවෙන් සේවිකාවන් 21 දෙනෙකු සහ සේවකයෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.


ඔවුන් වමනය හා ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව වාර්තා වේ.


මේ සම්බන්ධයෙන් දොඩංගොඩ පොලිසිය සහ දොඩංගොඩ සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment