උසාවි සේවකයාත් ගෙලට තොණ්ඩුව දාගනියි

අම්බලන්ගොඩ, කුරුඳුවත්ත, වතුගෙදර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

අද අළුයම මෙය සිදුව ඇති බවත්, මොහු බීමත්ව නිතරම නිවැසියන් සමග ආරවුල් ඇති කරගන්නා අයෙකු බවත්, පොලිස් මාධ්‍ය ඒකකය කීවේය.


නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක බාල්කයක එල්ලී ඔහු සියදිවි නසා ගෙන ඇති බවත්, හෙතෙම බලපිටිය මහාධිකරණයේ කලක් සේවය කළ පුද්ගලයෙකු බවත්, අප වාර්තාකරු පැවසීය.



Post a Comment