ඇෆ්ගනිස්ථානය පරදා ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනයි

17 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම පරාජයට පත් කරමින් චීනයේ, ඉංචියෝන් හි අද (03) පැවැති පන්දුවාර 20-20 අවසන් තරඟයේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1දී ලකුණු 133ක් ලබාගත්තේය.


එහිදී නායක ලහිරු තිරිමාන්න ලකුණු 57ක් හා උපනායක දිනේෂ් චන්දිමාල් ලකුණු 33ක් ලබා ගත් අතර සෙසු පිතිකරුවන් 9 දෙනාටම ලකුණු 11 සීමාවවත් පසුකර යාමට නොහැකි විය.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම පන්දුවාර 17.4දී සියලුදෙනා ලකුණු 65ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.



Post a Comment