මාමණ්ඩිය මරා බිරියට තුවාල කළ සැමියා වසර 15ක් හිරේට

තම බිරිඳගේ පියා ඝාතනය කර බිරිඳට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනාවකට වැරදිකරු වූ පුද්ගලයෙකුට අනුරාධපුර මහාධිකරණය විසින් වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

අධිකරණය වැරදිකරුට නියම කර ඇත්තේ පැමිණිලිකාර පාර්ශවයට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙස සහ රුපියල් 15,000ක දඩයක් ද ගෙවන ලෙසය.


මෙම දඬුවමට ලක්වූයේ තිරප්පනේ ඇතුන්ගම, වෙහෙරගල ප්‍රදේශයේ පදිංචි තැනැත්තෙකි.


ඔහු අදාළ ඝාතනය සිදුකර තිබුණේ 2004 වසරේදිය.



Post a Comment