සිසුන් සත්‍යග‍්‍රහයට සහ අරගලයට පිවිසියේ ශිෂ්‍ය සභා නැවත පිහිටුවීම, සරසවිය තුළ නිදහස හා ප‍්‍රජාතත්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සහ ශිෂ්‍යභාවය අහෝසි වූ සිසුන් අටදෙනෙකුගේ (08) ශිෂ්‍යභාවය නැවත ලබා ගැනීම යන කරුණු පදනම්කරගෙනය.
විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය හා පාලනාධිකාරිය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව එකී ඉල්ලීම් ත‍්‍රිත්වයම සහිත විසඳුම් එකඟතා පරිපූර්ණ ලෙස ලබා දීමට පරිපාලනය එකඟවූ බව සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
පරිපාලනය එසේ නම්‍යශීලි පිළිවෙතක් අනුගමනය කළද 3000 ක් පමණ වූ සබරගමු සරසවි ශිෂ්‍ය ප‍්‍රජාවගේ අනාගතය තීරණාත්මක ලෙස අඳුරේ හෙළමින් සිසු පිරිස එකී විසඳුම් යෝජනාවලිය ප‍්‍රතික්‍ෂේප කර ඇති බව සුනිල් සෙනෙවි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
එකී නිවේදනයේ මෙසේද දැක්වෙයි.
ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වර්තමාන අර්බුදය විසඳීම සඳහා පාලනාධිකාරිය සහ ශිෂ්‍ය ප‍්‍රජාව අතර මැදිහත්කරුවෙකු ලෙස ක‍්‍රියා කිරීමට විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයට ඇරයුම් ලැබිණ. ඒ අනුව අප සාමාජිකත්වයෙන් බහුතරයක් සමග 2014-10-14 දින සිසුන් රැඳී සිටින නේවාසිකාගාර වෙත ගොස් මූලිකව සාකච්ඡා කළ අතර එදින ම රාත්‍රී 8.30 සිට මධ්‍යම රාති‍්‍ර 12.30 දක්වා සංගමයේ විධායක සභාව සිසුන් සමග දීර්ඝ ව සාකච්ඡා කරනු ලැබී ය. අනතුරුව 2014-10-15 දින උපකුලපතිතුමා ඇතුළු පාලනාධිකාරිය සමග සාකච්ඡා කොට ගැටළුව විසඳීය හැකි පුළුල් එකඟතාවකට එළඹිණ.
අපගේ මැදිහත්කාර භූමිකාව මෙතැනින් අවසන් වන බවත් සිසුන්ගේ අදූරදර්ශී තීරණය පිළිබඳ දැඩි කනගාටුව පළ කරන බවත් දැනුම් දී සිටිමු. ආචාර්ය සංගමයට පිළිගත හැකි ලෙසත් අරගලයට පාදක වූ හේතු තුන ම විසඳෙන ලෙසත් පොදු එකඟතාවකට පැමිණීම පිළිබඳ ව වර්තමාන විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය වෙත අප සංගමයේ ප‍්‍රණාමය පළ කර සිටිමු.

Post a Comment