අනුරාධපුර මහාධිරකරණය හමුවේ විභාග වන නඩුවක් සඳහා පෙනී සිටීමට විවෘත අධිකරණයට බීමතින් පැමිණි විත්තිකරුවෙකු අඛණ්ඩව මාස හතරහමාරක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
උතුරු මැද පළාත් බඳ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසින් මෙම නියෝගය ලබා දුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
අදාළ විත්තිකරු ලබන වසරේ පෙබරවාරි මස 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇති බව සඳහන්ය.
මෙලෙස දඩුවම් නියම වී ඇත්තේ මැදවච්චිය, කෑදෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය.
මංකොල්ලකෑම සහ ස්ත්‍රියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවක් සඳහා පෙනී සිටීමට විත්තිකරු අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Post a Comment