ඌවේ ඇමතිලා මෙන්න

අනුර විදානගම,චාමර සම්පත් දසනායක,සෙන්දිල් තොණ්ඩමාන්,කුමාරසිරි රත්නායක යන මහත්වරුන් ඌව පළාත් සභාවේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී තිබේ.

මීට ස්වල්ප මොහොතකට පෙර මොවුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව සඳහන්ය.


ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා-මුදල් හා ක්‍රමසම්පාදන,නීතිය හා සාමය,අධ්‍යාපන,පළාත් පාලන,ඉඩම්,සංස්කෘතික,සමාජ සුබසාධන හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස මෙහිදී දිවුරුම් දුන්නේය.


එසේම අනුර රවීන්ද්‍ර විදානගමගේ ඌව පළාත් සභාවේ කෘෂිකර්ම,වාරිමාර්ග,සත්ව නිෂ්පාදන,මිරිදිය ධීවර කර්මාන්ත,ප්‍රවාහන හා සංචාරක කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.


ඌව පළාතේ සෞඛ්‍ය,දේශීය වෛද්‍ය,පරිවාස හා ළමාරක්ෂක හා වනිතා කටයුතු අමාත්‍යවරයා ලෙස කුමාරසිරි රත්නායක මහතා අද දිවුරුම් දී තිබේ.


එසේම සෙන්දිල් තොණ්ඩමාන් මහතා ඌව පළාත් මාර්ග සංවර්ධන,නිවාස,ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසද,චාමර සම්පත් දසනායක මහතා-ක්‍රීඩා හා යෞවන කටයුතු,විදුලිබල හා බලශක්ති,පේෂකර්ම,කුඩා කර්මාන්ත හා සමූපකාර අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.



Post a Comment