මෝටර් රථයට විද්ද 3ක් දැලේ

මාවනැල්ල, පහල කඩුගන්නාව ප්‍රදේශයේ දී මෝටර් රථයක් පැහැරගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පසුගියදා කූලි පදනම මත වාහන සපයන ආයතනයකින් අදාළ මෝටර් රථය ලබාගෙන ඇති බව සඳහන් වෙයි.


පසුව ඔවුන් එහි රියදුරුගෙන් මෝටර් රථය පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.


පැහැරගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 55ක් පමණ වටිනාකමින් යුත් මෝටර් රථයක් බව පොලීසිය සඳහන් කළේය.


සැකකරුවන් උඩුමුල්ල, ගල්කන්ද, අරණායක යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment