ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ඉන්දියාවේ රාමනාදපුරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබි වායු රයිෆල, දෑකැති සහ අලවංගු කිහිපයක් සොයා ගෙන ඇති බව සඳහන්ය.
එම භාණ්ඩ රැගෙන රාමේෂ්වරම් සිට මදුරායි බලා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී රාමනාදපුරම් පොලිස් නිලධාරින් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ගෙවල් බිඳීමේ සිද්ධින් කිහිපයකට සම්බන්ධ බව පොලිසිය සිදුකළ විමර්ශනයක දී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් තිදෙනා පූසාල් බන්ධනාගාරය වෙත යවා ඇති අතර අනෙක් පුද්ගලයින් තිදෙනා දිස්ත්‍රික් බන්ධනාගාරයක සිරගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Post a Comment