රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු පිරිසක් හදිසියේ මාධ්‍යවේදීන් කණ්ඩායමක්ද සමගින් කොස්වත්ත,බත්තරමුල්ල පිහිටි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට අද(16) පෙරවරුවේ ඇතුළුවිය.
විදේශගත ශ්‍රී ලාංකික කතුන්ට සිදුවන පීඩාවන් වළක්වාලීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සභාපතිතුමන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව මහලේකම් හිමියන් මෙහිදී සඳහන් කළේය.
එහිදී ප්‍රශ්නය පිළිබඳව සැබෑ වුවමනාවකින් සාකච්ඡා කළ යුතු නම් ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගනිමින් විධිමත් ලෙස සාකච්ඡාවට පැමිණිය යුතු බවත්, මාධ්‍ය සංදර්ශන නොපැවැත්විය යුතු බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දැනුම්දී තිබේ.
එසේම පැළඳ සිටින චීවරයට නිගා වන අන්දමින් හා බුදු දහමට අපහාස වන අන්දමින් නොහැසිරිය යුතු බවද එම නිලධාරීන් විසින් පෙන්වාදුන් බව කියැවෙයි.
ඒත් සමගම දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ බවත්, අනතුරුව කාර්යාංශයේ නිලධාරීන් එතැනින් වහා ඉවත්වූ බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.

Post a Comment