අපේ ධීවර යාත්‍රා බේරාගන්නේ කවදාද? - තමිල්නාඩු මහඇමති මෝඩිගෙන් අහයි

ශ්‍රී ලංකාව බාරයේ පවතින ඉන්දීය ධීවර යාත්‍රා කඩිනමින් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එම යාත්‍රා නිදහස් නොකිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය හේතුවෙන් තමිල්නාඩු ධීවරයින්ගේ ජන ජීවිතය අඩාල වී ඇති බව තමිල්නාඩු මහ ඇමති ඕ.පන්නීර්සෙල්වම් පවසයි.


එළඹෙන දීපාවලි උත්සවය සතුටින් සැමරීමට මේ හේතුවෙන් ඔවුන්ට අවස්ථාව නොලැබෙනු ඇති බව ද අදාළ ලිපිය මගින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.


ඉන්දීය ධීවර යාත්‍රා පිළිබඳ ශ්‍රී ලංකා බලධාරින් අඩු සැලකිල්ලක් දක්වන අතර එම යාත්‍රාවල නඩත්තු කටයුතු සිදුවී නොමැති බවට තමාට වාර්තා වී ඇති බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.


ඉදිරියේ දී ශ්‍රී ලංකාවට බලපාන ඊසාන දිග මෝසම හමුවේ තම යාත්‍රා විනාශ වනු ඇති බවට තමිල්නාඩු ධීවරයින් බියෙන් පසුවන බව ද සඳහන්ය.



Post a Comment