බංග්ලාදේශ අත්අඩංගුවට පත් වු ධීවරයින් පිරිස නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන් වෙයි.
කුණාටුවකට හසුව මියෙන්මාරයේ සිටි මෙම ධීවරයින් 24 දෙනා යළි මෙරටට පැමිණෙමින් සිටියදී බංග්ලාදේශ බළධාරීන්ගේ අත්අඩංගුවට පත් වු බව එම සම්මේලනය පෙන්වා දෙයි.
ඔවුන්ට එරෙහිව බංග්ලාදේශ අධිකරණය හමුවේ හෙට(20) නඩු පැවරීමට නියමිත බව ද සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පැවසුවේය.
මේ පිළිබඳ අවධානය යොමුකර ධීවරයින් නිදහස් කරගැනීම සඳහා රාජතාන්ත්‍රික මැදිහත්වීමක් කඩිනමින් සිදුකර දෙන ලෙස එම සම්මේලනය ඉල්ලා සිටියි.

Post a Comment