ජලය පිරවූ බඳුනකට වැටී දරුවෙක් මියයයි

ජලය පුරවා තිබු විශාල ප්‍රමාණයේ බඳුනකට වැටීමෙන් හලාවත, කටුපත ප්‍රදේශයේ කුඩා දරුවෙකු මියගොස් තිබේ.

අද(19) දහවල් එම දරුවා අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.


ජලය පිරි භාජනයට වැටුණු දරුවා මව්පියන් විසින් බේරාගෙන ඇති අතර හලාවත මහ රෝහල වෙත ඇතුළත් කිරීමේ දී දරුවා මියගොස් ඇති බව සඳහන් වෙයි.


මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු එකයි මාස 11ක් වයසැති පිරිමි දරුවෙකි.


මළ සිරුර හලාවත රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.


සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment