කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයා මිරිහාන පොලිස් ස්ථානය වෙත මාරුකර යවා ඇති බවයි.
ස්ථානාධිපතිවරයෙකු ලෙස ඔහු රාජකාරී කටයුතු කිරීමට සුදුසු නොමැති බැවින් අදාළ ස්ථාන මාරුවීම ලබාදී ඇති බව සඳහන්ය.
පසුගියදා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පහරදීමේ සිද්ධියට අදාළව ක්‍රියාකළ ආකාරය පිළිබඳව මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණි.
අදාළ සිද්ධියේ දී පොලිස් ස්ථානාධිපතිවරයා පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවට කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම චෝදනාව එල්ල කරනු ලැබිණි.

Post a Comment