ආර්ථික සංගණනයේ තෙවන අදියර වන කර්මාන්ත, වෙළඳ හා සේවා සංගණනය ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ සංගණනය සිදුකරන නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවයි.
මෙම සංගණනය සඳහා නිලධාරීන් 800 දෙනෙකු සහභාගී වීමට නියමිතය.
දිවයිනේ තෝරාගත් ආයතන 27,000ක තොරතුරු මෙම සංගණනයේ දී ලබාගැනීමට නියමිත බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ යටතේ අදාළ ආයතනවල නිෂ්පාදන පිළිබඳව සහ එහි සේවකයින් පිළිබඳව තොරතුරු රැස්කිරීමට නියමිතව තිබේ.
මෙම කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කිරීමට බලාපොරොත්තු වන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment