ජනාධිපතිවරණය ගැන හෙළ උරුමය හා ජනපති සාකච්ඡාවක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික හෙළ උරුමය අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ජාතික හෙළ උරුමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.


මේ සඳහා ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සහභාගී වීමට නියමිතව තිබේ.


ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇති බව සඳහන්ය.


තම පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති නව යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු නොකරන්නේ නම් පොදු අපේක්ෂකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බව ජාතික හෙළ උරුමය පසුගියදා ප්‍රකාශ කරන ලදී.


ඒ අනුව මේ වන විට ජනාධිපතිවරණය සඳහා ජාතික හෙළ උරුමයේ ස්ථාවරය පිළිබඳ බොහෝ දෙනා අතර විවිධ කතාබහ ඇති වෙමින් පවතී.


එබැවින් ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කර ඇති නව යෝජනාවලිය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන අද සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමුවනු ඇති බව කිව හැකිය.


ව්‍යවස්ථව සංශෝධනය කිරීම, කැබිනට් මණ්ඩලය 25 දක්වා අඩුකිරීම,ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවට වගකියන තනතුරක්වීම ඇතුළු යෝජනා කිහිපයක් ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කර තිබේ.



Post a Comment