සරණාගතයින් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් තබා නැති ශ්‍රී ලංකාවට සරණාගතයින් ප්‍රශ්නයක්

සරණාගතයින් පිළිබඳ වැඩපිළිවෙළ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කරයි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ 65 වන විධායක කමිටු රැස්වීම ඊයේ ජිනිවා හී පැවත්වුණි.


එහිදී ශ්‍රී ලංකාව ප්‍රකාශ කර ඇත්තේ සරණාගතයින් යළි පදිංචි කරවීමේ ක්‍රියාවලියේ දී ඔවුන්ගේ කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙරටට සම්පත් සහ පහසුකම් සැපයිය යුතු බවයි.


ශ්‍රී ලංකාව සරණාගතයින් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් කර නොමැති වුවද සරණාගතයින් සඳහා පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ජිනීවා හි නිත්‍ය නියෝජිත සමන්තා ජයසූරිය මහත්මිය සඳහන් කර ඇත.


ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇති බව ද ඇය පෙන්වා දී තිබේ. පසුගිය වසර දෙක තුළ ලංකාවට සරණාගතයින් පැමිණීම සියයට 700කින් පමණ ඉහළගොස් ඇත.


මේ වසරේ ජුනි මාසය වන විට සරණාගතභාවය ඉල්ලා අයදුම් කර ඇති සංඛ්‍යාව 1606කි.


පසුගිය ජුනි මාසයේ සිට සරණාගතයින් 328 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 128 දෙනෙකු පකිස්ථානයට සහ ඇෆ්ගනිස්ථානයට පිටුවහල් කර තිබුණි.



Post a Comment