යහපත් කල්ක්‍රියාවෙන් ඇවිත් දවස් 3ට ගෙවල් 13ක් බිඳලා

දෙහිවල ප්‍රදේශයේ නිවාස 13ක් කොල්ලකා රුපියල් ලක්ෂ 08කට අධික භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු යළිත් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් සොරකම් 47ක් සිදුකර වසර 22කට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙකි.


ඔහු වසර 10ක් බන්ධනාගාරය තුළ යහපත් කල්ක්‍රියාවෙන් ගත කිරීම හේතුවෙන් දින දෙක තුනකට නිවසට එවා තිබේ.


එලෙස පැමිණි දින දෙක තුන තුළ මොහු මෙම නිවෙස් 13 කොල්ලකා ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.


සැකකරු දෙහිවල මල්වත්ත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙක් වන අතර ඔහු මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න සිදුකරන බව වාර්තා වේ.



Post a Comment