ලාංකික සරණාගතයින් ජයලලිතා වෙනුවෙන් උපවාසයේ

තමිල්නාඩු හිටපු මහ ඇමති ජයලලිතා ජයරාම් මෙනවියට පනවා ඇති සිරදඬුවම ඉවත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් උපවාසයක නිරත වී තිබේ.

ඉන්දියාවේ, තිරුචි ප්‍රදේශයේ පිහිටි විශේෂ කඳවුරක සිටින සරණාගතයින් 30දෙනෙකු පමණ දිවා කාලයේ උපවාසයේ නිරතව සිට ඇත.


මේ අතර තමිල්නාඩු හිටපු මහ ඇමතිවරිය වෙනුවෙන් ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂ සාමාජිකයින් ආගමික වතාවත් වල නිරතව සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.



Post a Comment