පෑලියගොඩ සිට කොළඹ කොටුව දක්වා නව මාර්ගයක් ඉදි කිරීමට තීරණය කර තිබේ.
කැළණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමට ද මේ යටතේ සැලසුම් කෙරෙන බව සඳහන් වෙයි.
ඔස්ට්‍රේලියානු සමාගමක් සමඟ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම පාලම සහ මාර්ගය සැලසුම් කොට ඉදිරිකිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම සිදුකිරීමට ද නියමිතය .
පෑලියගොඩ නව පාලම ඉදිකිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය මගින් අරමුදල් සපයනු ලබයි .
පෑලියගොඩ සිට කොළඹ කොටුව දක්වා නව මාර්ගයේ ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍යාධාර ලැබී ඇති බව සඳහන් වෙයි.

Post a Comment