සබරගමු විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසක් සත්‍යග්‍රහයක නිරතව සිටි අට්ටාලයට කිසියම් පිරිසක් ගිනි තබා අදාළ සිසුන්ට පහරදී පළාගොස් තිබේ.
සබරගමු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු රසිදු ජයසිංහ පැවුසුවේ ඊයේ රාත්‍රී මෙම පහරදීම සිදුව ඇති බවයි.
පහරදීමෙන් විශ්වවිද්‍යාලයීය සිසුන් 12 දෙනෙකු සහ ප්‍රදේශවාසීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ ඊයේ රාත්‍රී 11.30 ට පමණ නාදුනන පිරිසක් විසින් සිදුකළ මෙම ප්‍රහාරයෙන් සිසුන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඔවුන්ගෙන් සිව්දෙනෙකු සුළු තුවාල ලබා රෝහලෙන් ප්‍රතිකාර ගෙන පිටව ගොස් ඇති බව පොලිසිය පැවසුවේය.
තවත් 06 දෙනෙකු බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.

Post a Comment