වැලිකඩ, නාවලපාර පාලම අසළ කුණු ඇළේ මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු දියේ ගිළී මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ මසුන් ඇල්ලීමට ගිය තරුණයින් පිරිසක් අතුරෙන් එක් අයෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
දියේ ගිළී අතුරුදන් වු පුද්ගලයා පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන තිබේ.
මියගොස් ඇත්තේ 26 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment