හාළිඇළ ප්‍රහාරයට එරෙහිව කොටුවේ විරෝධතා

ඉකුත් ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව හාළිඇළ එජාප කාර්යාලයකට පහරදෙන බවට ලැබුණු තොරතුරකට අනූව එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කර අද (03) කොළඹ, කොටුවේදී විරෝධතාවක් පැවැත්විණ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ මාධ්‍යවේදීන් ඇතුළු කිහිප දෙනෙකුම රෝහල් ගත කෙරුණු අතර මෙම ප්‍රහාරයට ඇමති ඩිලාන් පෙරේරා මහතා වගකිව යුතු බවට එජාපයෙන් ඌව පළාත් සභාවට තරඟ කළ හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කළේය.


ඒ අනූව මෙම ප්‍රහාරයට විරෝධය පළ කර අද කොටුවේදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.


ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබූ එම විරෝධතාවයේ දසුන් කිහිපයක් ඉහත පරිදිය.


ඡායා රූ - කාංචන කුමාර ආරියදාස



Post a Comment