පවතින අයහපත් කාලගුණය හේතුවෙන් යක්කලමුල්ල, උඩුවිටියන හා පොල්පගොඩ අතර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව වාර්තා වෙයි.
අදාළ ප්‍රදේශය මේ වන විට අඩි 7ක් පමණ ජලයෙන් යටවීම ඇති බවත්, මේ හේතුවෙන් පවුල් 100ක් පමණ අවතැන් වී ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළේය.
මේ වන විට ගාල්ල නාවික හමුදා කඳවුරෙන් සහන සැපයීම සඳහා අදාළ ප්‍රදේශ සඳහා යාත්‍රාවක් යොදවා ඇති අතර එමගින් වියළි ආහාර ද්‍රව්‍ය අවතැන් පවුල් සඳහා බෙදාහරින බවද වාර්තා වෙයි.

Post a Comment