කොළඹ - මහනුවර මාර්ගයේ වරකාපොල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් මාස 10 ක් පමණ වයසැති කුඩා දැරියක මියගොස් තිබේ.
මහනුවර සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් මාර්ගයේ ගමන්කරමින් සිටි කාන්තාවකගේ සහ ඇගේ කුඩා දැරියගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු මව සහ ඇගේ කුඩා දැරිය ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැරිය මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment