තුන්මුල්ල ප්‍රදේශයේ ගසක් කඩා වැටෙයි - ගමනා ගමනයට බාධා

කොළඹ, තුන්මුල්ල මංසන්ධිය ආසන්නයේ මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ප්‍රදේශයේ රථවාහන ගමනා ගමනයට බාධා එල්ලවී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මේ වනවිට තුන්මුල්ලේ සිට කිරුළපන දෙසට රථවාහන වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.


මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන තදබදයක් පවතින බව පොලිසිය සඳහන් කළේය.


පොලිසිය, ගිනි නිවීම් ඒකකයේ සහය ඇතිව ගස ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් වෙයි.


මේ අතර අකුරැස්ස - ඉමදුව ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටී තිබේ.


මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කළේය.


පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගස ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව සඳහන් වෙයි.



Post a Comment