නාවික හමුදා සෙබළා දියේ ගිළී මරුට‍

සාම්පුර් නාවික හමුදා කඳවුරේ සෙබළෙකු දියේ ගිළී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පිහිනීම් පුහුණු කටයුත්තක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.


අනතුරට පත් නාවික හමුදා සෙබළා ප්‍රතිකාර සඳහා මුත්තූර් රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බව සඳහන් වෙයි.


මියගොස් ඇත්තේ මිරිස්ස සිරිනිවාස ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි නාවික හමුදා සෙබලෙකි.


මළ සිරුර ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.



Post a Comment