දිස්ත්‍රික්ක දෙකක් නායයෑමේ අවධානමක

දිවයිනේ දිස්ත්‍රික්ක 02ක් සඳහා නායයෑමේ අවධානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පවසන්නේ කුරුණෑගල සහ කළුතර යන දිස්ත්‍රික්ක වලට එය ප්‍රකාශයට පත් කර ඇති බවයි.


කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත යන ප්‍රදේශවලට නායයෑමේ අවධානම් පවතින බව සඳහන් වෙයි.


කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, රිදීගම, මාවතගම, ඉබ්බාගමුව යන ප්‍රදේශවලට ද නායයෑමේ අවධානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.


මේ අතර අද දිනය තුළ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


සවස් කාලයේ මෙන්ම පෙරවරුවේ ද වැසි හට ගැනීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ අනුෂා වර්ණසුරිය මහත්මිය පැවසුවේය.


අද අළුයම 2.30 අවසන් වු පැය 24 ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල ප්‍ර දේශයෙන් වාර්තා විය.


මිලිමීටර් 131.5 ප්‍රමාණයක වර්ෂාපතනයක් එම ප්‍ර දේශයට ලැබී ඇති බව සඳහන් වෙයි.


අනුරාධපුරයට මිලිමීටර් 72.7 කද, රත්මලාන ප්‍රදේශයට මිලිමීටර් 65.4 කද, කොළඹට මිලිමීටර් 53.3 කද, හම්බන්තොටට මිලිමීටර් 47ක ද වර්ෂාපතනයක් පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.



Post a Comment