අතුරුදන්වුවන්ගේ ජනාධිපති කොමිසම හා උපදේශන මණ්ඩලය අතර සාකච්ඡාවක්

අතුරුදන්වුවන් පිලිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසන් සභාව සහ එම කොමිසමට උපදෙස් ලබාදීම සඳහා පත් කළ උපදේශක මණ්ඩලය අතර සාකච්ජාවක් පවත්වා තිබේ.

සාකච්ජාව සඳහා ආචාර්ය ඩෙස්මන්ද සිල්වා, ඉන්දීය විශේෂ නියෝජිත අව්දාස් කෞෂල් ඇතුළු පිරිසක් එක්ව සිටි බව අතුරුදන්වුවන් පිලිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා ඳහන් ක‍ළේය.


එහිදී ජාතික මානුෂික නීතිය සහ ජාතික මානුෂීය අයිතිවාසිකම් පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමුවු බව මැක්ස්වෙල් පරණගම පැවසුවේය.


අතුරුදන්වුවන්ගේ කොමිසමට ලැබෙන පැමිණිලි සහ ඉදිරියේ දී ලැබෙන සාක්ෂි අනුව අදාළ නීති ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද එහිදී සාකච්ජා වී ඇති බව සඳහන් වෙයි.



Post a Comment