කුඩු ජාවාරමේ නිරත ලාංකිකයින් 2ක් ඉන්දීය අත්අඩංගුවේ

ජාත්‍යන්තර හෙරොයින් ජාවාරමක නිරත වු ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඉන්දියාවේ චෙන්නායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

නවදිල්ලි පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ චෙන්නායි පොලීසිය විසින් එක්ව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට අමතරව මෙම ජාවාරමට සම්බන්ධ චෙන්නාහි පදිංචි ඉන්දීය ජාතිකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 17ක් ද සොයාගෙන ඇති බව වාර්තා වෙයි.


මොවුන් ඉන්දියාව හරහා රටවල් කිහිපයකට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.


අනාවරණය වු තොරතුරු මත තමිල්නාඩු බුද්ධි අංශ මෙම ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.



Post a Comment