ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික නිදහස් පෙරමුණ අතර විශේෂ සාකච්ජාවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
ජාතික නිදහස් පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සිය පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති යෝජාවලිය පිළිබඳව සාකච්ජා කිරීම මෙහි අරමුණ බවයි.
විශේෂයෙන් වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සහ ඉදිරියේ දී පැවැත්වීමට යෝජිත මැතිවරණ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ජා කිරීමට නියමිතය.
මේ අතර මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අතර සාකච්ජාවක් පවත්වා තිබේ.
කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ දී මෙම සාකච්ජාව පවත්වා ඇති බව වාර්තා වෙයි.
වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙන්ම වත්මන් ජන්ද ක්‍රමයේ හා මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා වී ඇත.

Post a Comment