ඌව පළාත් සභාවේ අමාත්‍යවරුන් අද දිවුරුම් දීමට නියමිතව තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍යවරුන් දිවුරුම්දීම සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පසුගියදා දිවුරුම් දෙනු ලැබුවේය.
ඒ අනුව පසුගිය 09 වන දින ඌව පළාත් සභා නව සැසිවාරය ආරම්භ වු අතර එහිදී සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත් කිරීම සිදු කෙරුණි.
කෙසේ වෙතත් උප සභාපතිවරයා ලෙස පත්වු සාලිය සුමේද මහතා පසුගිය දා එම ධුරයෙන් ඉල්ලා අස්විය.

Post a Comment