බෙදුම්වාදී හා ත්‍රස්ත කණ්ඩායම් යළිත් පණ ගැන්වීමට ඉඩ තිබෙනවා

යුරෝපා සංගමයේ අධිකරණක් විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තහනම ඉවත් කිරීම මගින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සිටින්නා වූ බේදුම්වාදී හා ත්‍රස්ත කණ්ඩායම් යළිත් පණ ගැන්වීමට හේතුවක් වන බව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පවසයි.

එසේම රට අභ්‍යන්තරයේ හා ජාත්‍යන්තරයේ සිටින්නා වු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් මෙන්ම බෙදුම්වාදී කණ්ඩායම් වලට විවෘත ලෙස සිය මතය ප්‍රකාශ කිරීමට හැකි බව හෙතෙම විදේශ ප්‍රවෘත්ති සේවා වෙත ප්‍රකාශ කර ඇත.


අදාළ තීන්දුව මගින් දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉල්ලීම් වලට සමාන ඉල්ලීම් ලෙස වැඩි වනු ඇති බවද ආනන්ද සංගරී මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.



Post a Comment