සබරගමු විශ්වද්‍යාල පරීශ්‍රයේ එහි බලධාරීන්ගේ නියෝග නොතකා රැඳී සිටින සිසුන්ට වහාම ඉන් ඉවත් වන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.
බලංගොඩ පොලිසිය විසින් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන් වෙයි.
විශ්වවිද්‍යාලය වසා තබා ඇති අවස්ථාවක එහි තවදුරටත් රැඳී සිටිමින් විරෝධතාවන්හි නිරතව සිටින සිසුන්ට ඉන් ඉවත් වන ලෙස මෙලෙස අධිකරණය නියෝග කර ඇත.
කෙසේ වෙතත් සබරගමු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු රසිඳු ජයසිංහ පැවසුවේ කිසිදු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු මේ වනවිට විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නොසිටින බවයි.

Post a Comment