මුන්දලම, බත්තුළුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගිලන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වෙයි.
කොන්නතිව් රෝහලේ සිට හලාවත රෝහලට රෝගියෙකු රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටි ගිලන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය පැවසුවේය.
අනතුරින් ගිලන් රථයේ ගමන් ගත් වෛද්‍යවරයෙකු සහ සහයකයෙකු මිය ගොස් තිබේ.
අද(18) අළුයම 4.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වෙයි.
අනතුරින් තුවාල ලැබූ තවත් තිදෙනෙක් හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසුවේය.

Post a Comment